ත්‍රීරෝද රථ සදහා ඉන්ධන නිකුත් කිරීමට අලුත් ක්‍රමයක්.

මෙරට සියලුම ත්‍රිරෝද රථ හිමියන් ඔවුන්ගේ ත්‍රිරෝද රථ ජූලි 31 වන දාට පෙර අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.

අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම දිනයට පෙර ඉන්ධන ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ හිමියන් එක් ඉන්ධන පිරවුම් හලක් නම් කළ යුතු බවයි.

අගෝස්තු 01 වන දා සිට ත්‍රිරෝද රථවලට තමන් ලියාපදිංචි වූ ඉන්ධන පිරවුම්හලෙන් පමණක් ඉන්ධන ලබා ගැනීමට අවසර ලැබෙන බව බලශක්ති අමාත්‍යවරයා දැනුම් දෙයි.

උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන් සතිපතා ඉන්ධන අවශ්‍යතා සමග අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසත් ඉන්ධන ලබා ගැනීම සඳහා එක් පිරවුම් හලක් නම් කරන ලෙසත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා දැනුම් දෙන්නේ, චැසි අංකය මගින් ලියාපදිංචි විය නොහැකි වාහන භාවිත කරන්නන්ට සිකුරාදා සිට ආදායම් බලපත්‍රය යොදා ගනිමින් ලියාපදිංචි විය හැකි බවයි.

49cc බයිසිකල් භාවිතා කරන්නන් ඔවුන්ගේ බලපත්‍ර ලබා ගැනීමට සහ ජාතික ඉන්ධන අවසර පත සමග ලියාපදිංචි වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව අමාත්‍යවරයා දැනුම් දෙයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close