එදා සාධාරණය නොකරපු රනිල් අද යුක්තිය ඉටු කරන්නේ කොහොමද.?

රටේ බලයට පැමිණීමට පාස්කු ප්‍රහාරය පාවිච්චි කිරීමේ නීච උත්සහයක් එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙමින් පවතින බවට කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා චෝදනා කරයි.එදා අගමැති පුටුවේ රනිල් වික්‍රමසිංහ වාඩි වී සිටියදී පාස්කු ප්‍රහාරය සිදු වුවත් ඒ වනවිට සාධාරණත්වය ඉටු කිරීමට ක්‍රියාත්මක නොවුණු රනිල් වික්‍රමසිංහ අද ජාත්‍යන්තර සහය ගෙන යුක්තිය ඉටු කරන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කරයි.

මේ රටේ මැරුණු අහිංසක මිනිසුන්ගේ ලේ මතින් පැමිණ ජනාධිපති බලය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ දරන බවට ද සිරිල් ගාමිණී පියතුමා චෝදනා කරයි.මෙරට විධායක බලතල සහිතව හැකියාවක් තිබියදීත් එදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු නොකර අනුප්‍රාප්තික ජනපති තෝරා පත් කර ගැනීමට ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවක ප්‍රකාශයක් සිදු කිරීම හරහා හැඟී යන්නේ බලය ලබා ගැනීමට පාස්කු ප්‍රහාරයෙන් යම්කිසි තල්ලුවක් ලබා ගන්නා බව යැයි ද සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.

මෙරට පාස්කු ප්‍රහාරය සිදු වී මාස හතක් ගත වන තුරුම බලයේ සිටි රනිල් වික්‍රමසිංහ එවකට නොකළ දෙයක් පිළිබඳව කතා කිරීම ප්‍රශ්නාර්ථයක් බව ද සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.ඒ කාලයේදී ම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය හරහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගෙන ස්වාධීන පරීක්ෂණයක් නොපවත්වා මේ කරන ප්‍රකාශ හුදු රැවටීමක් පමණක් යැයි ද සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.

පාස්කු වින්දිතයන්ටත්, සාධාරණත්වය හා යුක්තියක් අපේක්ෂා කළ තමන් වහන්සේ ඇතුළු පිරිසටත් කළ නිග්‍රහයක් බවත් සිරිල් ගාමිණී පියතුමන් සදහන් කළේය.මෙරට මැරුණු මිනිසුන්ගේ ලේ මතින් ඉන් පීඩාවට පත්වූවන්ගේ කඳුළු හා වේදානාවන් මතින් මෙතරම් කාලයක් සාධාරණයක් ඉල්ලා හඬ නැඟූ පිරිසගේ අරගලය මතින් ජනාධිපති බලය ලබා ගැනීමට දරන නින්දිත උත්සාහයක් බව සිරිල් ගාමිණී පියතුමා චෝදනා කරයි.

මෙරට අගරදගුරු නිල නිවසේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close