චීන ජනපති රනිල් වික්‍රමසිංහට සුබ පතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් සතුටට පත් වුණු බව චීන ජනාධිපති ෂි ජින්පින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එරට චීන ජනාධිපතිවරයා ලෙසත් චීන ජනතාව වෙනුවෙනුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරන බව චීන ජනාධිපති ෂි ජින්පින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් බවත් දීර්ඝ කාලයක් චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සහයෝගීතාවය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අයෙක් බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

ජනපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින තාවකාලික දුෂ්කරතා මඟහරවා ගනිමින් සමාජීය සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙතැයි චීන ජනාධිපති ෂි ජින්පින් විශ්වාස කරන බව ද එහි සදහන් වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close