වික්‍රමසිංහ යනු, රාජපක්ෂ ක්ලෝනයක් මිස අන් කිසිවක් නොවේ.රනිල්ගේ වත්කම් විගණනය කිරීමට කාලයයි.

රටේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කළ යුතු බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් සදහන් කරයි.

මහාචාර්ය ස්ටීව් හෑන්ක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.මහාචාර්ය ස්ටීව් හෑන්ක් සඳහන් කර ඇත්තේ, 1977 සිට වික්‍රමසිංහ හය වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති වී “දූෂිත රාජපක්ෂවරුන්” ආරක්ෂා කළ බවයි.

“වික්‍රමසිංහ යනු, රාජපක්ෂ ක්ලෝනයක් මිස අන් කිසිවක් නොවන බව”මහාචාර්ය ස්ටීව් හෑන්ක් එමගින් අවධාරණය කරයි.මෙම මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්කම් විගණනය කිරීමට කාලය එළඹ ඇති බවයි.

මව්බිම

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close