මෙරට දකුණු පළාත් සභාවට අයත් සියලු පාසල් හෙට සිට ලබන 29 වැනිදා දක්වා, සතියේ දින පහේම පැවැත්වීමට තීරණය කරයි.
දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී ගත් තීරණයකට අනුව පාසල් පැවැත්වේ.
එහෙත් ප්‍රවාහන අපහසුතා හේතුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පැමිණීමට නොහැකි වන්නේ නම්, ඒ සඳහා පූර්ව අනුමැතියක් ලබාගත යුතු වේ.
අනුමත කරන දින සඳහා පෞද්ගලික නිවාඩුවලට බලපෑමක් නොවන පරිදි විශේෂ නිවාඩු ලබාදෙන බව, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.