රන්ජන් රාමනායකට නිදහස ලබාදීමත් කල් යන ලකුණු.

රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල බොහෝදෙනාගේ අවධානය යොමුවෙයි. අවස්ථා කිහිපයකදී රන්ජන් රාමනායක නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටි නමුත් ඊට ඔහුගේ එකඟතාවය හිමි වුයේ නැත.

මෙරට පසුගියදා මාධ්‍ය වාර්තා කළේ රන්ජන් රාමනායක නිදහස් කිරීම සම්බන්ධයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව ඇති බවය. අදාල කටයුතු පිළිබඳව සොයා බලන්නැයි රනිල් වික්‍රමසිංහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට උපදෙස් ලබා දී ඇත.

රන්ජන් රාමනායක නිදහස් කිරීම 20 වැනිදායින් පසුව සිදුවනු ඇති බව වාර්තා වෙයි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම 20 වැනිදා සිදුවන අතර පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා යටතේ රන්ජන් රාමනායක නිදහස හිමිවීම සිදුවනු ඇත.

සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ මනුෂ නානායක්කාර පවසන්නේ තමා හා හරීන් ප්‍රනාන්දු ආණ්ඩුවට එක්වීමේදී ඉදිරිපත් කළ පළමු කොන්දේසිය වූයේ රන්ජන් රාමනායක නිදහස් කිරීම බවය. ඒ සම්බන්ධයෙන් තමන් දෙදෙනා මැදිහත් වී කටයුතු කරන බවද සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close