ජනාධිපතිවරයා ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් හදිසි තීරණ රැසක් ගනී.!

රට පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ පාර්ශවවලට උපදෙස් ලබාදී ඇත.ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දී ඇත.

රටේ අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

එළැඹෙන සඳුදා (25) සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදී පාසල් ළමුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කර ඇත.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද (23) ප.ව. 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත.

රටේ ධීවර, සංචාරක සහ පොහොර බෙදා හැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන් ම, පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර ක්‍රමවේදයට අනුව ලංගම ඩිපෝ මගින් සහ දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට එහිදී තීරණය කරයි.

ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම කෙරෙහි ද අවධානය යොමු කර ඇති අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිසියට උපදෙස් ලබාදී ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close