අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් බෙදා හැරීම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කළේය. ඉන් ගෑස් සිලින්ඩර් 75,000 ක් නිකුත් කෙරෙන්නේ කොළඹින් බැහැර ප්‍රදේශ සඳහා බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු සදහන් කළේය.
මෙරට හැටන්, කොටගල සහ දික්ඔය යන නගරවල ජනතාවට අද ගෑස් සිලින්ඩර් බෙදා හැර ඇත. කිලෝ 12 යි දශම 5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් 800 ක් එලෙස බෙදා දුන් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කළේය.
අද දිනයේද ගෑස් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව ඇත. ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700 ක් රැගත් ඊයේ දිවයිනට ළගාවූ නෞකාවේ ගෑස් මේ වන විට ගොඩබා අවසන් බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේය.
තවත් ගෑස් අඩංගු නෞකා 06 ක් දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව ලිට්‍රෝ සමාගම සදහන් කළේය. ගෑස් පෝලිම් ලබන අගෝස්තු මස මුල් සතිය පමණ වන විට අවසන් වනු ඇති බවයි ලිට්‍රෝ සමාගම සදහන් කළේය.