කෝටි 2ක ඇපල් සතුන්ට කන්න දෙයි.

මෙරට කොළඹ වරාය වෙත චීනයෙන් ගෙන්වා තිබූ ඇපල් කන්ටේනරයක් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දීමට පියවර ගෙන ඇත.ඇපල් කන්ටේනරය මෙරටට ගෙන්වා ඇත්තේ, පසුගිය පෙබරවාරි මාසයේදී ය.

ඇපල් තොගය නිදහස් කර ගැනීමට ආනයනකරුවන් පියවර නොගැනීම හේතුවෙන් ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත් වීමට පෙර සතුන්ට ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇත.

ඇපල් කිලෝග්‍රෑම් 24,000ක් පැවති අතර එහි දළ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න වන බව වරාය අධිකාරිය සදහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close