මෙරට රජය විසින් ඉන්ධන නිකුත් කිරීමට යෝජිත මෘදුකාංගය ඔස්සේ ඉන්ධන බෙදාහැරීම ඉතාමත් අපහසු කාරණාවක් යැයි රටේ සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුම් දී ඇතැයි ඉන්දන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.
ඉන්දන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ කියා සිටින්නේ ඊට අවශ්‍ය ජංගම දුරකථන නොමැති බව පිරවුම්හල් හිමියන් විසින් දන්වා ඇති බවය.
ඒ සදහා අවශ්‍ය පහසුකම් සහිත ස්මාට් ජංගම දුරකථන මිලදී ගැනීමට දැන් වෙළඳපොලේ නැති බවත් කොළඹ නගරයේ ද ඒවා නැති බවද තදාසන්න ප්‍රදේශවල කොහොමත් සොයා ගැනීමට නැතැයිද සභාපතිවරයා සදහන් කළේය.
එම පහසුකම් සහිත ජංගම දුරකථන ලබා දෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සදහන් කළේය.කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කුමාර රාජපක්ෂ මෙම අදහස් පල කළේය.