මෙරට අද (23) දිනයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලදී ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන ලබාදීම අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.
මෙරට නව ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය ඊයේ(22) දිනයේත් කොළඹ ස්ථාන දෙකකදී සාර්ථකව අත්හදා බැලූ බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
මෙම සිදුකරන පරීක්ෂණය අවසන් වූ පසු එය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.අද දිනයේ ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතව ඇති බවද සදහන් කළේය.
මෙරට ඉදිරි වසරක කාලය සඳහා ඉන්ධන ගෙන්වීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් බව විදුලි බල හාබලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.
එනිසා තිබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය සමාන ලෙස බෙදා දීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එම යෝජනා දවසකින් දෙකකින් සාර්ථක කරගත නොහැකි බවත් ජනතාවගෙන් ලැබෙන සහාය මත කඩිනමින් හා සාර්ථක කරගත හැකිවනු ඇත ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.