ගෑස් අර්බුදය විසදන්න බෑ.ආයෙ එන්න ගෑස් නැව් එකක්වත් නෑ.කණගාටුවෙන් කියන්න වෙනවා.

මෙරට මේ වනවිට ගොඩබාමින් සිටින ගෑස් නෞකාවට අමතරව ඉදිරි දින කිහිපය සඳහා ගෑස් ආනයනය කිරීමට පැවති පාලනාධිකාරිය සැලසුම් සකස් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් සදහන් කළේය.

මේ බව ප්‍රකාශ කළේ, අද (15) පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

“මේ තියෙන විශාල අර්බුදය විසඳන්න බැරි වෙයි කියන එක කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න වෙයි. මේ නැව ආවට පස්සේ එක ම නැවක්වත් schedule කරලා නැහැ.

වගකීම් විරහිත භාවයකින් කටයුතු කරපු බවක් මට පේන්නේ. ගොඩබාන කොට සල්ලි දෙන්නම් කියලා නැව් දින වකවානු හරි කතා කර ගෙන තීරණය කරන්න තිබ්බා එහෙම දෙයක්වත් නැහැ හිස්. මහ මුහුද විතරයි මට පේන්නේ.

මට යුතුකමක් වගකීමක් තියෙනවා ඇත්ත තත්ත්වය හෙළිදරව් කරන එක. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දින 14ක කාලයක් යයි කියලා මේ සාකච්ඡා මට්ටමෙන් අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරපු ඒ සැපයුම්කරුවට ලබා දීලා ඉවර වෙලා ඒ නැව් මෙහෙට ගේන්න.

ඒ දින 14 ක කාලය තුළ ඒක ගේනකම් ඒ කටිටියට අපට පුළුවන් ද ඊට ඉස්සෙල්ලා ගෑස් නැව් දෙකක් දින කිහිපයක් ඇතුළත ගෙන්නන්න ඉඩ තියෙනව ද කියන එක අපි බලනවා. අමාරුකම දැනගෙනමයි මේක භාර ගත්තේ ගෑස්.

අර්බුදය විසඳන්න නායකත්වය ලිට්‍රෝ ගෑස් ආයතනයට දෙන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close