මෙරට නව ජනපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරන බව හිටපු ඇමති නාමල් රාජපක්ෂ සදහන් කළේය.ඒ twitter පණිවිඩයක් නිකුත් කරමින්.
රට තුළ ආර්ථිකයේ ස්ථාවරත්වය සමග නීතිය හා සාමය ස්ථාපිත කිරීම නව ජනපති රනිල් වික්‍රමසිංහ සතු වගකීමක් බව ද එම නාමල් රාජපක්ෂ නිකුත් කළ twitter පණිවිඩයේ සඳහන්ය.
තවද ”රටේ ඉදිරි කටයුතු සාර්ථවක සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා”යැයි හිටපු ඇමති නාමල් රාජපක්ෂ එහි දක්වා ඇත.
