අපේක්ෂකයින් ඉදිරි පැය 24 තුළ වහාම තම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න.

මෙරට එළඹෙන 20 වනදා පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයක් ඉදිරි පැය 24 තුළ වහාම තම වැඩ පිළිවෙල ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කළේය.

මෙරට දුෂිත රාජපක්ෂ පාලනය එලවා දමා නව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා අරගලය කරන ලද සියලු දෙනාට ස්තුති කරමින් නව ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිරූපය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව අද (18) දින මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් පාඨලී චම්පික රණවක මේ බව සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක පවසා සිටියේ, ජනතාව අරගලකර දිනාදුන් ජයග්‍රහණය මෙම පාලකයන් හරිහැටි තේරුම් නොගෙන ඇති බවත් එය හරිහැටි තේරුම් ගත්තානම් 20 වන දින ජනාධිපති තරඟයක් නොපවත්වා පක්ෂ වලින් නොව සියලු දෙනාගේ තීරණයෙන් පත්වන ජනාධිපතිවරයෙකු යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තිබුණු බවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close