අගමැති සහල් මෝල් මාෆියාවට අත ගසයි.

මෙරට ඉදිරියේදී ආහාර තොග රැස්කර තබා ගැනීම වැළැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන්ට සීමා පනවමින් රජය නව නීති සම්පාදනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

මෙරට රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සහල් මෝල් හිමියන්ට ණය ලබාදීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකුවලට අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇත.

සහල් මෝල් හිමියන් මුහුණ දෙන මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (15) පැවති සාකච්ඡාවට එක් වෙමින් අගමැතිවරයා මෙසේ සදහන් කර ඇත.

ණය ලබාදීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙස මහ බැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට ද අගමැතිවරයා උපදෙස් ලබා දී ඇත.

සහල් මෝල් හිමියන් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන් ම සහල් තොග සඟවා ගැනීම් ද සිදුවන බව එහිදී වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු අගමැතිවරයාව දැනුවත් කර ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close