මෙරට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා සුදුස්සකු තෝරාපත් කරගැනීමට අදාළ ඡන්ද විමසීම ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇත.
අභිනව ජනාධිපති ධුරය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වීමටයි තීරණය කර ඇත.මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (16) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර, සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊට සහභාගි විය.


