මෙරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කරයි.ලිපියේ සඳහන් කර ඇත්තේ, ජනාධිපති ධුරය සදහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපේක්ෂකත්වය ලබාදීමට සහාය දැක්වීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවට ඊයේ පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ය.
මේ පිළිබඳව තමා විමතියට පත් වූ බව ද ජී.එල්.පීරිස් සඳහන් කර ඇත.ජී. එල්. පිරිස් එම ලිපියෙන් සාගර කාරියවසම් මහතාගෙන් කරුණු 6 ක් පිළිබඳ විමසා ඇත.
01.මෙම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරිය යටතේද?
02.මෙම තීරණය ගැනීම සඳහා සහභාගී වූ බව කියන පුද්ගලයින්ගේ නම්?
03.එම පුද්ගලයින් තෝරා ගැනීමේ පදනම කවරේද?
04.අපේක්ෂිත රැස්වීමේ ස්ථානය, දිනය සහ වේලාව?
05.දැනුම් දීමේ දිනය සහ වේලාව ඇතුළු කැඳවන දැන්වීමට අදාළ තොරතුරු?
06.මෙම තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් යටතේ ද ?
මෙම කරුණු පිළිබඳව ඉතා ඉක්මණින් පිළිතුරක් ලැබීමට තමාට අයිතියක් ඇතැයි ද ජී.එල්. පීරිස් එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.