මෙරට අරගලකරුවන්ට ජනපති මැදුර හා අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට පහසුවී ඇත්තේ කෙටි කාලසීමාවකට සමාජ ජාල අවහිර කරන ලෙස ජනපති හා වැඩබලන ජනපති විදුලි සංදේශ නියාමන කොමිසමට දුන් නියෝගය පැහැර හැරීම නිසා බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දෙයි.
මෙරට අරගලකරුවන් ෆේස්බුක් ලයිව් ඇතුළු සමාජ ජලා මගින් අරගලයට පිරිස් කැදවීඹ නවත්වා දෙන ලෙස ආරක්ෂක ප්‍රධානීන් කළ ඉල්ලීම අනුව මෙම නියෝග ලබාදී ඇති බව පැවසේ.මෙරට විදුලි සංදේශ නියාමන කොමිසම එම උපදෙස් නොතකා හැර ඇතැයි අනාවරණය වී ඇත.
මෙරට අගමැතිවරයා වැඩබලන ජනපති ලෙසින් හමුදා මූලස්ථානය තුළට ජුලි (13) දා විදුලි සංදේශ කොමිසමේ සභාපතිවරයාව වාහනයක් යවා කැදවා ඇත. වහාම අදාළ දුරකථන සමාගම් සමග සාකච්ඡා කර සමාජ ජාලා අවහිර කරන්නැයි නියෝග කර තිබුනේ ආරක්ෂක අංශ කළ ඉල්ලීමට.
වාහනයක් යවා මෙම නිලධාරීන් ගෙන්වාගෙන උපදෙස් දුන්න ද ඒවා නොතකා හැරීම නිසා අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට පැය පහක කාලයක් තුළ විශාල අරගලකරුවන් පිරිසක් සමාජ ජාලා ඔස්සේ එහි ගෙන්වාගෙන ඇතැයි ආරක්ෂක ප්‍රධානීන් පෙන්වා දී ඇති බව වාර්තා වේ.