ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් දෙල් කන්න දෙයි.

මෙරට සතියට දින දෙක තුනක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් ,දෙල්, අල, බතල ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇති බව වාර්තා වේ.

මෙරට වන රක්ෂිත වල වැවෙන කොස් ඵලදාව නෙලා ගැනීම සඳහා රක්ෂිත වලට ඇතුළු වීමට ජනතාවට අවසර ලබා දිය යුතු බවට වන යෝජනාවක් කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී,

එම යෝජනාව ඇගයීමට ලක් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවටත් කොස්, දෙල්, අල, බතල ආහාර සඳහා ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙසටයි.

රටේ වන රක්ෂිත වල හටගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ යාම අපරාධයක් බව අමාත්‍ය මහින්ද අමරවීර ඉහත යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close