ඉදිරි දින 15ක් ඇතුළත සිය රටින් පිටවන ලෙස සිංගප්පූරු රජය ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දීමක් කරයි.ආරක්ෂක හේතු මත සිංගප්පූරු රජය මෙම දැනුම් දීම සිදු කොට ඇති බව වාර්තා වේ.
මාලදිවයින දක්වා පියාසර කළ ගෝඨාභය රාජපක්ෂ ඉන් අනතුරුව මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුව බලා පැමිණ මේ වනවිට එරට සිටින හිතවතකුට අයත් තට්ටු නිවාසයක රැදී සිටින බව වාර්තා වේ.
ඊයේ දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මුණගැසීමට පැමිණ ඇති සිංගප්පූරු රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය කාසිවිශ්වනාදන් ෂන්මුගම් දැනුම් දී ඇත්තේ ආරක්ෂක හේතු මත තවදුරටත් හිටපු ජනාධිපතිවරයාට සිංගප්පූරු රජයේ ආරක්ෂාව ලබා දිය නොහැකි බවත්, දින 15ක් ඇතුළත සිංගප්පූරුවෙන් පිටව යාමට කටයුතු කරන ලෙසය.
එරට ඉන්දුනීසියාවේ පැවැති G 20 සමුලුවට සහභාගී වී සිටි සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යවරයා නැවත සිංගප්පූරුව බලා පැමිණීමෙන් පසු මතුව ඇති තත්ත්වය සමාලෝචනය කර මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.
මතුව ඇති මෙම තත්ත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ වහාම ඉන්දීය බලධාරීන්ට කතා කොට තමන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවස්ථාව සලසා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇති ඉන්දීය රජය පෙන්වා දී ඇත්තේ තමන්ට ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන්ට එරෙහිව යා නොහැකි බවයි.