මෙරට රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් පොහොර බෙදා හරින අයුරු සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (17) වත්තල පිහිටි එම පොහොර සමාගම්වලට අයත් ගබඩා නිරීක්ෂණය කර ඇත.
අසල්වැසි ඉන්දීය ණය වැඩ පිළිවෙළක් යටතේ ලබා දෙන ලද පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 44,000ක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.දෙවන තොගය වන මෙට්‍රික් ටොන් 21,000ක තොගය සහිත නැව ඉදිරි සති දෙක තුළ අප රටට පැමිණීමට නියමිතව ඇත.සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පොහොර බෙදාහැරීමට නියමිතව ඇත.
යුරියා පොහොර බෙදා හැරීමේ දී ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැතිවීම ගැටලුවක්ව පවතී අතර ඊට අදාල අංශවලට දුරකථනයෙන් කතා කළ අමාත්‍යවරයා අද දින තුළම ඩීසල් අවශ්‍ය ප්‍රමාණයන් එවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
එහෙත් පසුගිය සතියේ අමරවීර කියා සිටියේ තමන් කෘෂිකර්ම අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට පියවර ගත් බවයි.