මෙරට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ හෙට (27) දිවුරුම් දීමට නියමිතව ඇත.
මෙරට නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ කැබිනට් අමාත්‍ය ධූරයක්ද වජිර අබේවර්ධනට හිමි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා වජිර අබේවර්ධන නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේය.