මෙරට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනපති නිලවරණයේ දී තමන් ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සදහන් කළේය.
රටේ සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහන දීම සඳහා මෙන්ම රටේ ජනතා ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ ඩලස් අලහප්පෙරුම බව වාසුදේව නානායක්කාර සදහන් කළේය.