හදිසි නීතිය වහාම ඉවත්කර ගන්න.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.

මෙරට ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්නා ලෙසටයි.

නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුවන පසුබිමක් තුළ හදිසි නීතිය භාවිත කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නීත්‍යනුකූල අයිතියට බලපෑම් නොකරන ලෙස ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයේ සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close