මෙරට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින 21 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා කැදවූ සර්වපාක්ෂික හමුවේදී ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
පොහොට්ටුව නියෝජනය කරමින් සහභාගී වූ දිනේෂ් ගුණවර්ධන සහ ජී.එල්. පීරිස් යන අමාත්‍යවරුන් සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය මොහොතක අගමැතිවරයා ඉවත් කිරීමේ බලතල සහ අවශ්‍ය අවස්ථාවක අමාත්‍යංශ පවරා ගැනීමේ බලතල ඊට ඇතුළත් විය යුතු බව.
මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එකගතාව පළ කොට නොමැත.අගමැතිවරයා සදහන් කොට ඇත්තේ එසේ නම් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බව.මෙම සංවාදයෙන් පසු දිනේෂ් ගුණවර්ධන මහතාත්, ජී.එල් පීරිස් මහතාත් සාකච්ජා මේසයෙන් නැගිට ගොස් ඇති බව වාර්තා වේ.
ඉදිරි කැබිනට් මණ්ඩලයේදී 21 වන සංශෝධනයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා බලාපෛාරොත්තුවෙන් සිටින අතර යම් හෙයකින් ඒවා පිළිගැනීමට අගමැතිවරයා ඇතුලු එජාප නියෝජිතයන් කටයුතු නොකරන්නේ නම් ඊට කැබිනට් අනුමැතිය හිමි නොවනු ඇති බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.