ගෝඨාභය මාලදිවයිනෙන් ගියාට පස්සෙ කතා කළේ නෑ.දැන් ඉන්නේ කොහෙද කියා මම දන්නේ නෑ.

මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසන් වරට තමා සමග කතාබහ කළේ මාලදිවයිනේ සිටියදී බවත් ඉන් අනතුරුව කිසිදු සබඳතාවයක් නොපැවති බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.

ඒ CNN පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ දැන් සිටින්නේ කුමන රටකද යන්න සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩබලන රනිල් වික්‍රමසිංහ පවසා තිබෙන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවම වශයෙන් වසර 05ක් වත් ගතවනු ඇති බවයි.

එහෙත් එළඹෙන වසර වනවිට රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට පත් කිරීමට හැකිවනු ඇති බවත් 2024 වනවිට වර්ධනය වන ආර්ථිකයක් දක්වා එය ඔසවා තැබිය හැකි බවත් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.

ලංකාව බංකොලොත් රටක් බවට පත්වන බව පැවති ආණ්ඩුව අවබෝධ කරගෙන තිබූ නමුත් එය රටේ ජනතාවගෙන් වසන් කිරීමට ආණ්ඩුවේ නායකයන් කටයුතු කළ බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

බංකොලොත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ගෙඩගත නොහැකි මට්ටමකට ලංකාව පිරිහීමට පත් වූ බවද වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close