ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සුබ පණිවුඩයක්.

කඩිනමින් ශ්‍රී ලංකාව සමග සිදු කරන සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සදහන් කරයි.

විදේශ සංචිත අඩු වීමෙන් පසු ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයකින් පෙළෙන ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බව කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සදහන් කරයි.

එරට විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර ඇත.

“අපිට අපේ සාකච්ඡා දිගට ම කරගෙන යා හැකි රජයක් තිබෙන මොහොතේ, අපගේ කණ්ඩායමක් ලංකාවට පැමිණේවි. අපි දැනටමත් සාර්ථකව සිදු කර ඇති තාක්ෂණික කටයුතු සහ ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම තාක්ෂණික කණ්ඩායම මත පදනම්ව අපට හැකි ඉක්මනින් සාකච්ඡා අවසන් කිරීමට හැකි වනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වෙනවා.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close