මෙරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ, පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සදහන් කළේය.
මෙරට පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින්, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බවද මහාචාර්ය ජී එල් පීරිස් සදහන් කළේය.
එළඹෙන 20 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී මහාචාර්ය ජී එල් පීරිස් මන්ත්‍රී ඩලස් ඉතා සුදුසු අපේක්ෂකයෙකු බව සඳහන් කළේය.
මෙරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම සදහන් කළේය.