මෙරට රනිල් වික්‍රමසිංහගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පත්වීමට නියමිත බව වාර්තා වෙයි.
රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.
මෙම මන්ත්‍රී ධුර අසුන සදහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පත්වීමට නියමිත බවටද මින් පෙර තොරතුරු වාර්තා වී තිබුණේය.