රටේ ජනමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් ඉවත්වන තුරු ගාලුමුවදොර අරගල භූමියෙන් අරගලකරුවන් ඉවත් නොවන බවත් රනිල් වික්‍රමසිංහට එම තනතුරේ රැඳී සිටීමට කිසිදු අයිතියක් නොමැති බවත් අරගල භූමියේ සංවිධායකවරු සදහන් කරයි.
මෙරට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා වන නාමයෝජනා දීමේ කටයුතු සඳහා රනිල් වික්‍රමසිංහ සහභාගි නොවිය යුතු බවත් වික්‍රමසිංහ එසේ සහභාගි වුවහොත් රට පුරාම විරෝධතා නැවතත් ආරම්භ කරන බවත් අරගල භූමියේ සංවිධායකවරු සදහන් කරයි.
රටේ ජනතාව අගමැතිවරයා වශයෙන් පිළි නොගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්කිරීම විහිළු සහගත බවත් එයට කිසි විටකත් රටේ ජනතාව සහයෝගය නොදෙන බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර සදහන් කළේය.
මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන දූෂිත පාලකයන්ට විරුද්ධව ජනතා නැගී සිටීම නතර වී නොමැති බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීම ලැබෙන තුරු නොබියව අරගලය කරන බවත් සදහන් කළේය.
ගාලුමුවදොර ගෝඨාගෝගමට රනිල්ගෝගම වීම නැවැත්විය නොහැකි බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීම ලැබෙන තුරු නොබියව අරගලය කරන බවත් සදහන් කරයි.