දුරකථන ගාස්තු ඉහළට.

මෙරට විදුලි සංදේශ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

කොමිසම ප්‍රකාශ කළේ 11.25% ක්ව පැවැති විදුලි සංදේශ බද්ද 15%ක් දක්වා ඉහළ නැංවෙන අතර මේ හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී සිට දුරකථන ගාස්තු ඉහළ යන බව සදහන් කරයි.

අමතරව 8%ක්ව පැවති එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 12 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු 8%කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසම සදහන් කරයි.

අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්දෙන් බලපෑමක් නොමැති අතර අතර වැට් බද්ද අනුව එම ගාස්තු 4% කින් ඉහළ යයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close