ජනපති සටනෙන් සජිත් ඉවත් වුනොත් සජබ බාගයක් රනිල්ට සහාය.

මෙරට 20වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමෙන් සජිත් ප්‍රේමදාස ඉවත් වන්නේ නම් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් තිස් දෙනෙකු පමණ රනිල් වික්‍රමසිංහට සහාය වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙරට විපක්ෂ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට තරග කළ යුතු බවය.ඩලස් අලහප්පෙරුම ජනාධිපති වීමට සහාය දක්වමින් සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය වීම සඳහාද යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

විපක්ෂ සමගි ජන බලවේගය තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන අතර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අඩකට වැඩි පිරිසක් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට තරග කළ යුතු බවත් ඩලස් අලහප්පෙරුම අගමැති කරවීමට සහාය දිය යුතු බවත්ය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close