මෙරට ලංකා IOC සමාගම ද අද (17) රාත්‍රීයේ ඉන්ධන මිල ගණන් පහළ දැමීමට කටයුතු කරයි.අද රාත්‍රී 10 සිට ලංකා IOC ඉන්ධන මිල මෙලෙස පහත දැමෙනු ඇත.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කරයි, ඒ අනුව එහි නව මිල රුපියල් 450ක් වේ.ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කරයි, ඒ අනුව එහි නව මිල රුපියල් 540ක් වනු ඇත.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කෙරෙනු ඇත.එහි නව මිල රුපියල් 440ක් වේ.සුපර් ඩීසල් ඉන්ධන ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇත.එහි නව මිල රුපියල් 510ක් වේ.