මෙරට පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම හා සාපරාධී බලහත්කාරය පෑම යන සිද්ධීන්ට අදාළව රවිදු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කළේය.
මෙරට පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ,
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාආරච්චිගේ පුත්‍රයා වන සැකකාර රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ මේ වන විට පොලිසිය මඟහරිමින් ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති බව.
ඔහු කැබ් රථයක අනාරක්ෂිත ලෙස ශීතකරණයක් පටවා අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් ඇතුළු වීමට පැමිණි මොවුන්ට එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු ගමන් කිරීමට අවසර නොදීමත් සමග සැකකරු හා සැකකාරිය පරුෂ වචනයෙන් බැණ වදිමින් පොලිස් සැරයන්වරයාගේ රාජකාරියට බාධා කරයි.
සැරයන්වරයා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර සැකකරු, සැකකාරිය හා ඔවුන්ගේ sgPG-4507 දරණ කැබ් රථය පිළිබඳව තොරතුරක් දන්නේ නම් වීරකැටිය පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලීමක් කරයි.
දුරකථන අංක පහතින්,
ස්ථානාධිපති වීරකැටිය – 071-8591493
වීරකැටිය පොලිස් ස්ථානය – 047-2246226