උත්තර පත්‍ර ඇගයීම් ගාස්තු වැඩි කරයි
මෙරට 2021 / 2022 අපොස සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගයීම් සඳහා ගෙවනු ලබන ගාස්තු සංශෝධනය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සිදුකරනු ලබන පරීක්ෂණ මණ්ඩල සඳහා එක් උත්තර පත්‍රයක් සඳහා ගෙවන ගාස්තුව සංශෝධනය කිරීමට තීරණය කරයි.
මෙරට විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇත්තේ,
රටේ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල හා උත්තරපත්‍ර පරීක්ෂණවරුන්ට ගෙවනු ලබන දෛනික වියදම් සංශෝධනය සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය.
2022.06.10 වන දින අමාත්‍යවරයා හා වෘත්තීය සමිති සංවිධාන සමග පැවති සාකච්ඡාවේ දී සිදුකරන ලද ඉල්ලීම සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.