මෙරටට අඩු මිලට රජය රුසියාවෙන් ඉන්ධන ලබා නොගතහොත් ඊට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජයගුණරත්න සදහන් කළේය.
ඒ පසුගියදා මෙරටට පැමිණි බොරතෙල් නැව ද ඩුබායි රාජ්‍යයේ ඒජන්තවරයකු මගින් ගෙනා බවත්, එම ඒජන්තවරයා මෙරට ප්‍රසිද්ධ දේශපාලකයකුගේ පුත්‍රයකුගේ හිතවතකු බව සැලවෙන බවත් සම සභාපතිවරයා සදහන් කළේය.
මෙරට අතරමැදියන් මාර්ගයෙන් තෙල් ලබාගැනීමේ ක්‍රමවේදය වහා නතර කර, රාජ්‍යයෙන් රාජ්‍යයකට තෙල් ලබාගැනීමේ විධිමත් ක්‍රමවේදය ස්ථාපිත කරන ලෙස බලශක්ති ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි.
මෙරට සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කළ දිනයේ පවා මුල්ම තෙල් තොගය මෙරටට ලබාදුන්නේ රුසියාව බවත් ආණ්ඩුව රුසියාවෙන් තෙල් නොගන අරාබි රටවලින් තෙල් ලබාගන්නේ කොමිස් මුදල් ලබාගැනීමට හැකි බැවින් යැයි ද සභාපතිවරයා හෙතෙම සදහන් කළේය.
Aruna.