මෙරට කොළඹ සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වූ තිරිඟු පිටි ප්රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ.හබරණ ගල්ඔය දුම්රිය ස්ථාන අතර රක්ෂිත ප්රදේශයේදී ඊයේ(03) රාත්රී 7.30ට පමණ අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරත් සමග දුම්රිය ද පීලි පැනීමට ලක්ව ඇත. වන අලි තුන්දෙනෙකු දුම්රියේ ගැටී ඇති අතර එක් වන අලියෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගොස් ඇත්තේ වන අලි පැටවුන් දෙදෙනෙකු වේ.
අනතුරත් සමග දුම්රිය පීලි පැනීම හේතුවෙන් රාත්රි එම මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු කර ඇත.