මෙරට ඉකුත් සතියේදී රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ අත්‍යවශ්‍ය එන්නත් හා බෙහෙත් කරල් වර්ග පහක් තත්ත්වයෙන් බාල වීම මත භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය විසින් පියවර ගෙන ඇත.
භාවිතයෙන් ඉවත් කරන ලද එන්නත් හා බෙහෙත් වර්ග පහෙන් තුනක් මෙරට බෙහෙත් කර්මාන්තශාලාවල නිෂ්පාදනය කළ ඒවා වන අතර දෙකක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා බව වාර්තා වේ.
ආගන්තුක ද්‍රව්‍ය අන්තර්ගත වීම හා නියමිත තත්ත්වයට අනුව නිපදවා නොතිබීම මත ෆියුරෝසෙමයිඩ් මිලිග්‍රෑම් 20 හා ෆ්ලක්ලොක්සසිලින් යන එන්නත් වර්ග හා ඇමොක්සසිලින් මිලිග්‍රෑම් 250 බෙහෙත් කරල් මෙසේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කරයි.
මෙම බෙහෙත් ඉවත් කිරීමට සැපයුම් අංශය විසින් රජයේ රෝහල් ප්‍රධානීන් හා පළාත් සෞඛ්‍ය ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත්තේ ඉකුත් 11 වැනිදා වේ.