මෙරට ඩීසල් මිල අඩු කිරීමත් සමග බස් ගාස්තු 2.23% කින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගැනිණි.ඒ අනුව ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව අඩු කරයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ, අවම බස් ගාස්තුව රුපියල් 40.00 සිට 38.00 දක්වා රුපියල් 2 කින් අඩු කර ඇති බවයි.