මෙරට වරාය අධිකාරිය සම්පත් පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කළේය.
මෙරට මීට පෙරද වරාය සම්පත් පෞද්ගලික කිරීමට යෝජනා වී තිබූ බවත් තම වෘත්තීය සමිති සන්ධානය මැදිහත්වීමෙන් එය වැළකී ගිය බවත් එහි කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා සදහන් කළේය.
අර්බුදකාරී අවස්ථාවේ එම ක්‍රියාදාමය නැවත ගෙන එමින් වරාය සම්පත් පෞද්ගලිකරණය කිරීමට රජය කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම වෘත්තිය සමිති දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද සදහන් කළේය.
මෙරට ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් සදහන් කළේය.