පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම
මෙරට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා වන සංශෝධිත නව චක්‍රලේඛය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මෙරට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත විසින් ඊයේ (13) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අදාළ යෝජනාවට අනුමැතිය හිමිවූ බව.
මෙරට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමේදී මතුවුණු ගැටලු පිළිබඳව විදුහල්පතිවරුන්, චක්‍රලේඛ සංශෝධන කමිටුව, අමාත්‍යාංශයේ විමර්ශන අංශය,
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් නව චක්‍රලේඛය සකස් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කළ නව චක්‍රලේඛය 2023 වසරේ සිට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා අදාළ වේ.