මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත අද (01) කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙරට දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ඇතුළත් කරමින් මෙම නව කෙටුම්පත සකස් කර ඇත.
මෙරට අමාත්‍යවරුන් පත් කිරීම, ඉවත් කිරීම ඇතුළු බලය තවදුරටත් ජනාධිපතිවරයා වෙත තබා ගනිමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 22 සංශෝධන පනත් කෙටුම්පතට එක් කළ අතුරු විධිවිධාන නව සංශෝධනය මගින් ඉවත් කර ඇත.