දිවයින පුරා QR ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාහැරීම මේ වනවිට ඉන්ධන පිරවුම්හල් 1190ක සිදු වන අතර අක්‍රමිකතා මැඩපැවැත්වීමට සහ ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීමේ අරමුණින් QR ක්‍රමවේදය ඊයේ(01) සිට දිවයින පුරා ආරම්භ විය.
මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ QR ක්‍රමවේදය යටතේ ඊයේ (01)දින සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී පිරවුම්හල් 820ක ඉන්ධන බෙදා හැර ඇත.
ඊයේ(01) දිනය තුළ පමණක් රථ වාහන 457,360ක් සඳහා ඉන්ධන ලීටර් 3,850,615යි දශම 9යි 3ක් මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇත.
රට පුරා ඉන්ධන ලබාගැනීමේ පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සදහන් කළේය.සභාපති කුමාර රාජපක්‍ෂ පැවසුවේ QR කේත ක්‍රමයේ සාර්ථකත්වයක් ඇති බවයි.