මෙරට අධිකරණ නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කරයි.
මෙරට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අරගල ක්‍රියාකාරී රතිඳු සේනාරත්න ව ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණේය.
කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් ඊයේ පැය 03ක පමණ ප්‍රකාශයක් ලබාගෙන තිබුණු අතර සැකකරුට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ දින විදෙස් ගමන් තහනමක්ද නිකුත් කර තිබුණේය.