වර්තමානයේ රටෙහි පවතින්නේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලසීමාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කලේය .
අද අස්ගිරි මල්වතු මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේබව පැවසුවේය.එමෙන්ම මැතිවරණ කොමිසන් සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී මහනායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කර ඇත.