රටේ පවතින අර්බුදකාරි තත්වය හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 150ක පමණ හිඟයක් පවතින බැවින් එය වහාම ලබා ගැනීම සදහා පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර බලාපොරොත්තු වන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කර ඇත.
රෝහලට අවශ්‍ය ඖෂධ වර්ග 300ක පමණ හිඟයක් පවතින නමුත් ඉන් ඖෂධ වර්ග 150ක පමණ සංඛ්‍යාවක් ඉන්දීය ණය ආධාර යටතේ ලබා ගත හැකි අතර අනෙකුත් ඖෂධ වර්ග 150ක පමණ සංඛ්‍යාවක් ලබා ගැනිමට නොහැකි වී ඇත්තේ එම ඖෂධ රිජ්වේ ආර්යා ළමා රෝහලට පමණක් ආවේනික ජීවිතාරක්ෂක ඖෂධ වන බැවින් යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.
මෙසේ හිඟව පවතින ජීවිතාරක්ෂක ඖෂධ අතර නොමේරු දරුවන්ගේ පෙනහැල්ලේ ගර්ත විවෘතව තැබීම සඳහා ලබා දෙන “සර්ෆැක්ටන්” ඖෂධය මේ වන විට රෝහලේ නොමැති බවත් මෙය අනෙකුත් රෝහල්වලත් නොමැති වීම හේතුවෙන් නොමේරු දරුවකුට ප්‍රතිකාර කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ .
පසුගිය මාස කීපය පුරාවටම රෝහලේ ඖෂධ අවශ්‍යතාවෙන් හරි අඩක්ම පියවා ගනු ලැබුවේ පරිත්‍යාගශීලීන්ගෙන් වන අතර ඉදිරි කාලය තුළත් පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර බලාපොරොත්තු වේ.
රිජ්වේ ආර්යා ළමා රෝහල- 0112 693 711