ශ්‍රි ලංකාවට උදව් කරන්න.හිටපු ජනපති ලෝක නායකයින්ගෙන් ඉල්ලයි.

පිලිපීනයේ මැනිලා නුවර පෙරේදා (30 වැනිදා) ආරම්භ වූ ජාත්‍යන්තර නායකත්ව සම්මේලනයේදී ආරාධිත දේශනය සිදුකරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ අධික උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් හැටලක්ෂ තිස් දහසක් පමණ ආහාර හිඟතාවකට ලක්ව ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන බව සහ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයාගැනීමට පවා නොහැකිව ශ්‍රී ලාංකිකයන් දැඩි අසීරු තත්ත්වයක් සිටින බවද ඔහු සදහන් කලේය .

ලෝක සාමය සඳහා වන ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංගමය හා විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපය එක්ව මෙම සම්මේලන සංවිධානය කර තිබිණි.

මේ වන විට ශ්‍රි ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් නැගී සිටීමට සියලු රටවල සහයෝගීතාව තමා බලපොරොත්තු වන බවද හිටපු ජනපති වරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close