පුරප්පාඩුව පවතින ජනාධිපති ධූරය සදහා නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙන අතර ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙනයාමෙන් වලකින ලෙස කථානායක තුමා විසින් දැනුම් දී තිබේ.
අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එය සාර්ථක කර ගැනීම සඳහා සියලු පක්ෂවල සහාය අපේක්ෂා කරන බවද කථානායකවරයා විසින් සියලු මන්ත්‍රිවරුන්ට දැනුම්දී ඇත.
රහස් ඡන්ද විමසීමේදී තේරිම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී පවසා සිටියේ, 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතට අනුව සියලු මාර්ගෝපදේශයන් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.