ජනපතිගේ ඇරයුමට පක්ෂවලින් පිලිතුරු ලැබෙයි.සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවන්නෙ කවදාද?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හා එක්වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කර ජනාධිපතිතුමා යොමුකළ ලිපියට ජාතික නිදහස් පෙරමුණ සහ 43 වන සේනාංකය පිළිතුරු ලිපි යොමුකර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත

ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පැරණි උපදේශකයින් මගින් සර්ව පාක්ෂික වැඩපිළි‍වෙල සකස් කිරීම තුළින් දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි බවයි

එමෙන්ම 43 වන සේනාංකය ද සදහන් කරන්නේ අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු බවට තම පක්ෂය මෙන්ම අනෙක් පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වා ඇති ප්‍රතිචාරය පැහැදිලි නොමැති බවයි.

එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා කැමැත්ත පල කර ඇති බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රී එස්.ශ්‍රිදරන් පවසා ඇත.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close