මෙරට අද (31) දින පැවති ගල්ඔය වම්ඉවුරු ව්‍යාපාර ගොවි කමිටු රැස්වීමේදී ඊට අදාළව ඉදිරිපත්වූ යෝජනාවක් සම්මත කරගනිමින් පොහොර ලබාදෙන බවට පොරොන්දු වූ නිලධාරීන්ට සහ පොහොර නිකුත් කරන සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට අම්පාර ගල්ඔය ගොවීන් තීරණය කරයි.
ගල්ඔය වම්ඉවුරු ව්‍යාපාරය යටතේ පවතින හෙක්ටයාර් 68,000 ක භූමි ප්‍රමාණයෙන් 62,000ක වී වගාව සිදුකර ඇති බව ගොවි කම්ටු රැස්වීමේදී සදහන් කරයි.
අද වන විට එම ගොයමට දින 45 ක් ගතවී ඇති පසුබිමක ගොවීන්ට රජය මගින් ලබාදෙන බවට පොරොන්දු වූ පොහොර වර්ග 6ක් නොලැබීම පිළිබඳව අද පැවති කමිටු රැස්වීමේදී දැඩි විවේචන එල්ල වී ඇත.
ගොවියාට පොහොර ලබාදෙන බවට පොරොන්දු වූ නිලධාරීන්ට සහ පොහොර නිකුත් කරන සමාගම්වලට එරෙහිව නඩු පැවරීමේ යෝජනාවක් ද අද ගොවීන් එහිදී සම්මත කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.